රවුෆ් හකීම්, කබිර් හෂීම් සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට එරෙහිව අද පාර්ශ්ව කිහිපයක් පැමිණිලි ගොනු කළේය.
පෞද්ගලික නාලිකා දෙකකට හොඳ පාඩමක් උගන්වන බව පවසමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ සිදුකළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය සහ සිංහලේ අපි සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කළේය.
මේ අතර සති අග ජාතික පුවත්පතක ජ්‍යොතිෂ අතිරේකයක් සඳහා එක් අපේක්ෂකයකුට අවාසි වන අයුරින් තම ලිපියක් අනුමැතියකින් තොරව යොදාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂිම් මහතාට විරුද්ධව අද එම ජෝතිර්වේදියා විසින් පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකරනු ලැබුවේය.
මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය සාකච්ඡවකට සහභාගී වූ සුදුවෑන් රථයක් පැදවූ බව කියන රියදුරා සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව අද නීතිඥයින් පිරිසක් කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැමිණිල්ලක් ගොනුකළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...