දේශීය පුවත්

ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කරන අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් තේරී පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස මේවන විට කටයුතු කරන ලොව පුරා වෙසෙන තරුණ පිරිස් සමඟ සම්බන්ධ වෙමින් 2030 තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඉටුකළ මහත් කාර්ය භාරය වෙනුවෙන් ඇය මෙම ලැයිස්තුවට තේරී පත් වී ඇත.

ජයත්මා වික්‍රමනායක අමතරව ලොව පුරා වෙසෙන කලාවේදීන්, තරුණ නීතීඥයින් , නායකයින් , ප්‍රසිද්ධ චරිත , ව්‍යවසායකයින් ආදී ක්ෂේත්‍ර නියෝජන වන පරිදි තරුණ තරුණියන් අනාගතයේ ලොව බලවත් වේ යැයි ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

මෙම සියදෙනාගේ ලැයිස්තුව තුළ ඇය තරුණ ව්‍යවසායක ලෙසින් ලැයිස්තුගත වී ඇත.

ජයත්ම රුසියානු ජනාධිපති පුටිං සමඟ
බෙන්තොට හබුරුගල ප්‍රදේශයේදී 1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක සිය පාසල් අධ්‍යාපනය අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉන්පසුව ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද හිමි කර ගත්තාය.

2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක පත් කරනු ලැබීය.

වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව සදහන් කරමින් ඇයට එම පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර නිවේදනය කර තිබුණි.ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය එම නිවේදනයේ සදහන් කර තිබිණි.

තමන් ලැබූ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් තබමින් ජයත්මා වික්‍රමනායක මෙසේ පැවසුවාය

‘‘බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා, විසාකා එකට ගිහින්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන , 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා , 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණ එකම කෙනා වෙලා- අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධූතවරියක් විදිහට වැඩ කරන්න, ලෝකේ අනාගතයේ බලවත් වේ යැයි TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින් යැයි ඇය සදහන් කර තිබිණි.

ටයිම් සඟරාව ඇසුරෙනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More