දේශීය පුවත්

එන්.ජී.ඕ. නඩ එකතු වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජනවරම විකෘති කිරීමට කටයුතු කරන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි. යුතුකම සංවාද කවය ඊයේ (15දා) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතා
මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයේ සැබෑ අරුත විකෘති කරලා කුමන්ත්‍රණකාරී ගමනකට අපේ රටේ ජනතාව යොමු කරන්න ප්‍රයත්නයක් ගෙනියනවා.

රාජිත සේනාරත්න, ගාමිණී වියන්ගොඩ වැනි අය කියනවා මේක ගම් සභාවකට තියපු ඡන්දයක්. මේකෙන් ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක් මතු වෙන්නේ නැහැ කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතු අරගෙන ගියේ ගම හදන්න යන විදියට නෙවෙයි, ජාතික නායකත්වයකට යන විදියට. ජනතා විමුක්ති පෙරමුණ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මේ එන්.ජී.ඕ. නඩ මඟින් රට පුරා පෝස්ටර් ගැහුවා. වෙනසක ඇරැඹුම කියලා කිව්වේ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ඒ වගේම මේ රට තුප්පහි අශ්ලීල සංස්කෘතියකට ගෙනියන්න හදන ජිප්සීස් කණ්ඩායමේ නායකයා සුනිල් පෙරේරා, ඔවුන් එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවන්න හැදුවා. මේවා ගම සම්බන්ධ කාරණා නෙවෙයි. රටේ අනාගතය සම්බන්ධයෙන්, සියලු දේශපාලන පක්ෂ මේ මැතිවරණය ජනමත විචාරණයක් බවට පත් කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More