අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගර්භණී මාතාවන්ට රෝහල් ගතවන විට බඩු මලලක් ලබාදීමේ යෝජනාවක් පසුගියදා පැවැත්වූ නගර සභා රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.
නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී මව්වරුන්ට රෝහල් ගත වන අවස්ථාවේ මෙය ලබා දේ. රුපියල් 4500ක සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙම කට්ටලයට අයත්ය. චීත්ත රෙදි 03ක්, සුදු ඇතිරිලි, කොට්ට උර, නැප්කින්, සනීපාරක්ෂක තුවා, පැම්පස් ඇතුළු භාණ්ඩ රැසක් මෙම බඩු මල්ලට ඇතුළත් වන බව පැවසීමත් සමගම සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන් සිනාසෙන්නට විය.
එහිදී නැගී සිටි ඉන්ද්‍රා අයිරාංගනී (එ.ජා.ප.) මන්ත්‍රීවරිය වේගවත්ව මෙසේ පැවසුවාය.
‘‘කාන්තාවන්ට අවශ්‍ය දේවල්වල නම් කීවාම හිනා වෙනවා. මේවා අමුතු දේවල් නොවෙයි. තමන්ගේ දියණිය, භාර්යාව මේවා පාවිච්චි කරනවා කියල දන්නේ නැද්ද? සනීපාරක්ෂක තුවා පැම්පස් කිව්වම හිනා වෙනවා. මම මේ සහෝදර මන්ත්‍රීවරුන්ට කියනවා එසේ හිනා වෙන්න එපා කියලා.
මමත් දරුවෝ ඉන්න කාන්තාවක් නිසා කියන්නේ. මම කනගාටුවෙනවා හිනා වුණු මන්ත්‍රීවරුන් ගැන. මේවා ඉල්ලන්න කෙනෙක් නැති කියාගන්න කෙනෙක් නැති අම්මලා අද කොච්චර ඉන්නවද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...