ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ 2 වැනි මට්ටමේ සංචාරක අවදානම තවදුරටත් එලෙසම පවතින බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
මැතිවරණ සමයේදී ශ්‍රී ලංකාවට පැමිණීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නවතම ආරක්ෂක අනතුරු ඇඟවීම මගින් මෙසේ දන්වා සිටියි.
ඒ අනුව, විශාල රැස්වීම් හෝ විරෝධතා පැවැත්වෙන ස්ථානවල වඩාත් පරිස්සම් වන ලෙසත්, සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථානවල රැඳී සිටීමේදී වටපිටාව පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවන ලෙසත් සිය පුරවැසියන්ට දන්වා සිටියි. හදිසි අවස්ථාවකදී බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත්, දේශීය පුවත් පිළිබඳ අවධානයෙන් පසුවෙමින් කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් දන්වා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...