ජනාධිපතිවරණයක් සඳහා සිය පළමු ඡන්දය භාවිත කරන අලුත් ඡන්ද 947,606ක් මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කිරීමට සුදුකම් ලබා තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්දහිමි නාමලේඛනය භාවිත කරන අතර, ඒ අනුව ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 15,992,096කි.
2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ඡන්ද 947,606 සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇත. ඒ අනුව 2015 වසරින් පසුව මෙවර (2019) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා පළමුවරට ඡන්දය භාවිත කරන නව ඡන්දදායකයන් 947,606ක් එකතු වී ඇත.
ඒ අනුව 2015 වසරේදී ඡන්ද 37,6715ක්, 2016දී ඡන්ද 190,765ක්, 2017දී ඡන්ද 148,897ක් සහ 2018 වසරේදී ඡන්ද 231,229ක් අලුතින් එකතු වී තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව 15,992,096 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...