ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමෙන් පසු නිල ඡන්ද ප්‍රතිඵලය සඳුදා ( 18 දා ) මැතිවරණ මහ ලේඛම් කාර්යාලයේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
තැපැල් ඡන්ද ප්‍රතිඵලය සෙනසුරාදා ( 16දා ) මධ්‍යම රාත්‍රිය වනවිට නිකුත් කළ හැකි අතර සෙසු ඡන්ද ප්‍රතිඵල ඉන් පසුව ප්‍රකාශ කිරීම ආරම්භ කළ හැකි බවට මැතිවරණ කොමිෂන් සභාව විශ්වාසය පළ කරයි.
ඉරිදා දිනයය තුළ සියළු ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන් කළහැකි වනු ඇතැයි ද කොමිෂන් සභාව සඳහන් කරයි.
ජනාධිපතිවරණ ජන්ද පත්‍රිකාව දිග වැඩි වුවත් ගණන් කිරීමේ අපහසුතාවයක් ඇති නොවන බවට කොමිෂන් සභාව විශ්වාසය පළ කළේය.
මෙවර ඡන්ද පත්‍රිකාව අඟල් 24 ක් දිග බැවින් ඡන්ද ගණන් කිරීම පහසු කර ගැනිමේ ක්‍රමවේද අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් ගණන් කිිරීමේ නිළධාරීන් වෙත ලබාදී ඇති බවද එම කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
ඡන්ද ගණන් කිරීමේ සියළුම මධ්‍යස්ථාන වෙත දැඩි ආරක්ෂක රැකවල් වොදා ඇති අතර පොලිස් ජංගම සේවාවන් දිවයින පුරා මාර්ග වල යොදවා ඇති බමවද වාර්ථා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...