දේශීය පුවත්

ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ දඹාන ආදිවාසී ගම්මානයේ පිහිටි දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදී අද (16) සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ආදිවාසී නායකයා මෙසේ පැවසීය.

“මේ රට භාර ගන්න ඉන්න නායකයෙක් වෙනුවෙන් ඡන්දයක් පැවැත්වෙන අද දවස රටේ තීරණාත්මක දවසක් කියලා මම විශ්වාස කරනවා. පත් වෙන නායකයා කවුරුන් උනත් රට ජාතිය ආගම වෙනුවෙන් කැප වෙන රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වෙන කෙනෙක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා.

මට දැන් වයස 72ක්. මම ජනාධිපතිවරු කිහිපදෙනෙක් තෝරන ඡන්ද වලට ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ හැම එකකටම වඩා මෙවර අපේක්ෂකයෝ වැඩිම ප්‍රමාණයක් ඉන්න විශාල තරඟයක් තියෙන ජනාධිපතිවරණයක් මේක කියලා මට පේනවා. ඡන්ද පත්‍රිකාව උනත් මම ඡන්දය ප්‍රකාශ කරපු ඒවාගේ තිබුණ ඒවාට වඩා දිගින් වැඩිම එක මේ පාර අපට ලැබුනේ ඡන්දය ප්‍රකාශ කරන්න.

මේ වගේ විශාල තරඟවයක් තියෙන අවස්ථාවකදී සෑම කෙනාටම ජයග්‍රහනය කරන්න අමාරුයි. ඒ බව තේරුම් ගෙන ජය පැරදුම ගැටුම් වලින් තොරව දිනපු අයත් පැරදුන අයත් දිනුවා කියලා හිතාගෙන රටේ සාමය ආරක්ෂා කරමින් ජයග්‍රහණය බුක්ති විදින්න කිලා මම රටේ සමස්ථ ජනතාවගෙන් ඉල්ලනවා. “ ඔහු යැයි ප්‍රකාශ කර සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More