2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අද(16) මධ්‍යම රාත්‍රී 12 ට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මද වේලාවක් ප්‍රමාද වන බව වාර්තා වෙයි.
රාත්‍රී 9.40 පමණ වන විට සියලූම තැපැල් ඡන්ද ගණන් කිරීම් ආරම්භ කර අවසන් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් මට්ටමේ පවතින අතර, සමාජ ඡාලාවල ප්‍රකාශයට පත්ව ඇති දිස්ත්‍රික් ප්‍රතිඵල කිසිසේත් සත්‍ය නොවන බවද ඒ මහතා පැවසීය.
මේ අතර, අද සවස කෑගල්ල, බදුල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇති වු වර්ෂාව සමඟ සුළු ගංවතුර තත්ත්වයක් ඇති ව තිබෙන බැවින් ඡන්ද පෙට්ටි ගෙන ඒමට සුළු ප්‍රමාදයක් සිදුවු බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...