පුත්තලම ප්‍රදේශයේ රැදි සිටින පිරිසකට විල්පත්තුව ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරිමට රැගෙන ගිය ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ දෙකට ප්‍රහාරයක් එල්ලවී තිබේ.
පුත්තලම ප්‍රදේශයේ රැදි සිටින පිරිසකට විල්පත්තුව ප්‍රදේශයේ ඉඩම් ලබාදී මෑතකදි පදිංචි කෙරුණු අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ වලින් ඊයේ රාත්‍රීයේදී පුත්තලමේ සිට විල්පත්තුව, සිලාවතුර දක්වා පිරිස් ප්‍රවාහනය කෙරුණි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ 11ට පමණ බස්රථ දෙකකට තන්තිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී ගල් ප්‍රහාරයක් එල්ල කර පසුව වෙඩි තැබිමක්ද සිදුකර තිබේ.
මෙලෙස බස්රථ නතර කළ පිරිස් බලකර සිටියේ ප්‍රදේශ දෙකකදි ඡන්දය භාවිතා කිරිමට අවස්ථාව දිය නොහැකි බවයි.
මෙම පිරිසගේ ඡන්දය ස්ථාන දෙකක ලියා පදිංචි කර ඇතැයි තමා පුන පුනා පැවසු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, හොර ඡන්ද දැමීම සඳහා ඡන්ද 17 000 කට අධික සංඛාවක් නැවත ලියාපදිංචි කර ඇති බවයි.
කෙසේ වෙතත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රාජ්‍ය අනුග්‍රහණය ඇතිව ලංගම බස් 225 ක මෙලෙස හොර ඡන්ද දැමීමට යොදා ගෙන ඇති බවයි.
රිෂාඩ් බදියුදීන් මහතාගේ ලේකම්වරයා ලක්ෂ 93 ක මුදලක් ලංගමට ගෙවා ඇතැයි ද පැවසු ඒ මහතා, මෙය කිසිවෙකුටත් නැහැ යනුවෙන් පැවසිය නොහැකි බවත් කියා සිටියේය.
බදුර්දීන්ගේ මහා හොර ඡන්ද ජාවාරම
බදුර්දීන් සිදුකල මහා පරිමණ හොර ඡන්ද ජාවාරම. පක්ෂ පාට බදාගෙන නැහෙන සිංහලයින් කවදා මේවා තේරුම් ගනියිද? 🙁
Gepostet von Protect Sri Lanka am Samstag, 16. November 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...