කළුතර බදුල්ල නුවරඑළිය පොළොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇත.
ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරඅදුව ආසනයද ජය ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි.
කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ලැබුවේ ඡන්ද 22,586 ක් ලබා ගනිමිනි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 66ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 9172 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 26.8 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1912 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 5.59 ක් වේ.
ඡන්ද 9151 ක් හිමි කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ නුවරඑළිය තැපැල් ඡන්දය ජය ගනු ලැබුවා. ඔහු හිමි කර ගත් ප්‍රතිශතය සියයට 51.77 ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 7696 ක් ලබාගත් අතර එහි ප්‍රතිශතය සියයට 43.54 ක් වේ. අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 638 ක්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.64 ක් වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය, ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ ඡන්ද 9256 ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 55.71 ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද5835 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 35.01 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1234 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.4 ක් වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ද ගෝඨාභය රාජපක්ෂ ජය ගනු ලැබුවේ ඡන්ද 12,934 ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 68.94 ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 3947 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.96 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1731 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 9.19 වේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ආසනය ගෝටාභය රාජපක්ෂ ජය ගනු ලැබුවේ ඡන්ද 47,659 ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 69.4 ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 17,487 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 25.46 ක් වනවා. අනුර කුුමාර දිසානායක ඡන්ද 2264 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.3 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...