දකුණු කොරියාව තුළ ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යැම සඳහා දැනට ගෙවන මුදල පන්සිය ගුණයකින් වැඩි කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට දැනුම් දී තිබේ. ඇමරිකාවේ මෙම දැනුම් දීම දකුණු කොරියාවේ දැඩි විරෝධයට හේතුවී තිබේ.
උතුරු කොරියාවේ තර්ජනවලින් දකුණු කොරියාව බේරා ගැනීම සඳහා ඇමැරිකානු හමුදාව කොරියානු අර්ධද්වීපයේ රැඳී සිටිති. ඒ වෙනුවෙන් වැයවන අතිවිශාල මුදල දකුණු කොරියාව දැරිය යුතු බව ට්‍රම්ප්ගේ මතයයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා ට්‍රම්ප් විසින් ඇමරිකානු නිලධාරී කණ්ඩායමක්ද දකුණු කොරියාව වෙත යවා තිබේ.
උතුරු කොරියාව මේ වසරේ මිසයිල අත්හදා බැලීම් 24 ක් සිදුකර තිබේ. මෙම මිසයිල අත්හදා බැලීම් දකුණු කොරියාවට හා ජපානයට දැඩි තර්ජනයක් වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...