රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කරනවානම් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නොහැකි බවත් තිබෙන එකම විකල්පය පාර්ලිමෙන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කරමින් එම යේජනාව ජයග්‍රහණය කොට අග්‍රාමාත්‍යවරයා ධරයෙන් ඉවත් කිරීම බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතු වුවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම බලය ඉවත්කර තිබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයාපත්කරන ආකාරය ගැන සඳහන් වී තිබුණද අග්‍රාමාත්‍යවරයා ඉවත්කරන ආකාරය ගැන සඳහන් කර නොමැති බවත් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රබල අඩුපාඩුවක් බවද ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අන්ව නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කළ හැක්කේ අග්‍රාමාත්‍යධරයේ සිටින පුද්ගලයා සිය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ ජීවිතක්ෂයට පත්වුවහොත් පමණි.
එම නිසා අග්‍රාමාත්‍යධුරයේන ඉවත්කළ හැක්කේ 113 ක සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කරනු ලබන විහ්වාසභංග යෝජනාවකින් පමණි.
නැතහොත් පාර්ලිමෙන්තුවේ විශ්වාසය දිනාගතහැකි පුද්ගලයෙකු සිටිනවානම් ඔහුට පාර්ලිමේන්තුවේ 113 ක සරල බහුතරයක් තිබෙන බව පෙන්විය යුතුයි.
මෙම කරුණු දෙක සදහාම පාර්ලිමේන්තුව කැඳවා ජනතා නියෝජිතයින්ගෙන් ඡන්ද විමසීමක් සිදුකළ යුතුව ඇත. එම ඡන්දය රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට හැකිවුවද කථානායකතුමාගේ අභිමතය පරිදි අත ඔසවා ඡන්දය ලබාගන්නට හැකි බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...