දේශීය පුවත්

2019 ජනාධිපතිවරණයේ පෙරවරු 6.15 දක්වා ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඡන්ද 399,394ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමත් වී සිටියි. එහි ප්‍රතිශතය 47. 63% ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඡන්ද 361,059 ක් ලබාගෙන සිටිනවා. එහි ප්‍රතිශතය 43.06% ක්.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රකාශිත ඡන්දවලින් 4.13 ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමත් වී තිබේ. ඔහු ලබාගෙන සිටින ඡන්ද සංඛ්‍යාව 34,672 ක්.

මේ දක්වා ප්‍රතිඵල ප්‍රකාශිත ආසනවලින් 8 ක ජය ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිමිව තිබේ. ඔහු ජය ගෙන ඇති ආසන වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස්, පේදුරුතුඩුව, නල්ලූර්, වඩුක්කෝඩෙයි, කංකසන්තුරේ, චාවකච්චේරි හා යාපනය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ලයි.

මේ දක්වා ප්‍රතිඵල ප්‍රකාශිත ආසනවලින් 3 ක ජය ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට හිමිව තිබේ. ඔහු ජයගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ හා හබරාදුව සහ මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර යන ආසනයි.

මේ දක්වා ප්‍රතිඵල ප්‍රකාශිත තැපැල් ඡන්දවලින් වන්නි, දිගාමඩුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ජය ගැනීමට ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමත් වී ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, හම්බන්තොට, මාතර, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 13නේම තැපැල් ඡන්ද ප්‍රතිඵලවල ජය හිමිව ඇත්තේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More