දේශීය පුවත්

නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
මීට අදාළ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පසුගිය 16 වැනි සිකුරාදා දිනය පුරා පැවති අතර එදින සවස් වන විට ස්ථිර වශයෙන්ම මෙම තීරණය ගත් බවත් ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීම් කටයුතු ඉදිරි දින දෙක තුන තුල සිදුවීමට බොහෝදුරට ඉඩ තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.
මීට අදාළ සම්බන්ධීකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුමන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්ටුවක්ද පසුගිය සිකුරාදා දහවල් පත්කර ගැනිනි.
පසුගිය සිකුරාදා උදෑසන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම තීරණය කළේ රන්ල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරය දරන්නේ නොමැති එක්සත් ජාතික පක්ෂ නොවන ආණ්ඩුවකට සහයෝගය ලබාදීමයි.
එසේ සහයෝගය ලබාදුන්නද එම ආණ්ඩුවේ කිසිදු වගකීමක් භාර නොගැනීමටත් කිසිදු අමාත්‍යධුරයක් නොගැනීමටත් මෙහිදී තීරණය කෙරිණි.
මේ අතරේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාද පැමිණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් සිදුකළේය.
ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්විණි.
කිසිදු තනතුරක් භාරනොගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවනවානම් ඊට සහයෝගය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් මෙහිදී ප්‍රකාශ කළහ.
ආණ්ඩුවට සහයෝගය ලබාදෙනවානම් එහි අමාත්‍යධර ලබාගැනීම වඩා සුදුසු බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ඊට එකඟවිය නොහැකිබවත් මහින්ද රාජපක්ෂ මහතා තනතුරු නොදරන ආණ්ඩුවක අමාත්‍යධුර කිසිසේත්ම භාරගත නොහැකි බවත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වු අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට සිදුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනාධීපතිවරයා පෙන්වා දී තිබේ.
නව අග්‍රාමාත්‍යධුරය සඳහා පත්කරන්නේ කවුරුන්ද යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී විමසා ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ඒ සඳහා සුදුසු බවත් එම නම් කිරීම සිදුකළ සන්ධානය විසින් බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාහ කර තිබේ.
කිසිදු අමාත්‍යධුරයක් නොගත්තද දේශපාලන හා ආර්ථික වශයෙන් කළයුතු වෙනස්කම් ගැන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් කරුණු ඉිදිරිපත් කළ අතර එම කටයුතු හා ඉදිරි කටයුතු සම්බන්ධිකරණය කිරීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට පැවරුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ගොඩනැංවීමට ඒකාබද්ධ විපක්ෂය සහයෝගය ලබාදෙන බව සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අතසන් කරන ලද ලිඛිත ලියවිල්ලක් දිනේෂ ගුණවර්ධන මන්ත්‍රිවරයා විසින් ජනාධිපතිවරයාට බාරදෙන ලදී.
දිනේෂ් ගුණවර්ධන විමල් වීරවංශ උදයගම්මන්පිල වාසුදේව නානායක්කාර කුමාර වෙල්ගම ගාමිණි ලොකුගේ සී.බී. රත්නායක එස්. එම්. චන්ද්‍රසේන පවිත්‍රා වන්නිආරචිචි යන මහත්ම මහත්මීහු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගින් මෙම සාකච්ඡාවට සහභාගී වුයේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් පමණි.
පාර්ලිමේන්තුවේ සරල බහුතරය මේ වන විට තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ඊ.පී.ඩී.පී. සංවිධානය මෙම එක්සත් ජනතා නිදහස් සන්ධාන නව ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More