දේශීය පුවත්

සජිත් යාපනයේ බලය අල්ලයි

November 17, 2019 8:00 am | Lanka Lead News

මේ වන විට දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් යාපනයේ දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ11 ක ප්‍රතිඵලවලට අනුව එකී සියලූම කොට්ඨාශවල බහුතර බලය තහවුරු කර ගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමත් විය.

ඡන්ද 312,722 ක් සමඟින් 83.86%ක ඡන්ද ප්‍රතිශතයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තහවුරු කර ගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 23,261 ක් සමඟින් 6.24%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ තෙවැනි තැන ස්වාධීන අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම් තහවුරු කර ගෙන ඇති අතර ඡන්ද 6,845 ක් හෙවත් 1.84%ක ඡන්ද ප්‍රතිශතයක් ඔහු ලබා ගෙන ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලවලට අනුව දැකිය හැකි සුවිශේෂී තත්ත්වයක් නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ආරියවංශ දිසානායක ඡන්ද 6,790 ක් හෙවත්1.82% ක ඡන්ද ප්‍රතිශතයක් සමඟින් යාපනය දිස්ත්‍රික් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණ තිබීමයි.

යාපනය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 564,984 ක් වන අතර මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 384,164 කි.

මෙයින් වලංගු ඡන්ද සංඛ්‍යාව 372,913 ක් ලෙස වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More