දේශීය පුවත්

මින්නේරිය – මැතිවරණ කොට්ඨාසය ද ඡන්ද 41,151 ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජය ගනී.

එහිදී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 24,076 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 3271 ක් ලබාගෙන තිබෙනවා.

රත්නපුර මැතිවරණ කොට්ඨාසය ද ජය ගත්තේ ගෝඨාභය රාජපක්ෂයි.

ඒ ඡන්ද 64,809 ක් ලබා ගනිමින්. සජිත් ප්‍රේමදාස හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 37,400 ක්. ඡන්ද 2733 ක් අනුර කුමාර දිසානායක හිමි කර ගෙන තිබෙනවා.

ඡන්ද 30,999 ක් ලබා ගනිමින් හඟුරන්කෙත මැතිවරණ කොට්ඨාසය ද ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වුණා.

සජිත් ප්‍රේමදාස එහි ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 24,995 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1153 ක් හිමි කර ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ ඇහැළියගොඩ මැතිවරන කොට්ඨාසය ජය ගත්තේ ඡන්ද 50,993 ක් ලබා ගනිමින්.

සජිත් ප්‍රේමදාස එහි ලබා ගෙන ඇත්තේ ඡන්ද 28,855 ක් පමණයි. අනුර කුමාර දිසානායකට ඡන්ද 1946 ක් හිමිවුණා.

ත්‍රිකුණාමළය මැතිවරණ කොට්ඨාසය ඡන්ද 56,594 ක් ලබා ගනිමින් ජය ගත්තේ සජිත් ප්‍රේමදාසයි.

ඡන්ද 12,818 ක් ගෝඨාභය රාජපක්ෂට හිමමිවුණා. අනුර කුමාර දිසානායක ලබා ගෙන ඇත්තේ ඡන්ද 713 ක් පමණයි.

මේ අතර, මැදවච්චිය මැතිවරණ කොට්ඨාසය ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත්වූ අතර එහිදී ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 42,287 ක්.

සජිත් ප්‍රේමදාස ඡන්ද 23,423 ක් ලබා ගත් අතර, අනුර කුමාර දිසානායක ලබා ගත්තේ ඡන්ද 2619 ක් පමණයි.

මැදිරිගිරිය මැතිවරන කොට්ඨාසය ජය ගැනිමට ද ගෝඨාභය රාජපක්ස සමත් වුණා.

ඒ ඡන්ද 34,022 ක් ලබා ගනිමින්. සජිත් ප්‍රේමදාස එහිදී ඡන්ද 28,324 ක් ලබා ගත් අතර අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2734 ක්.

වැල්ලවාය මැතිවරන කොට්ඨාසය ජජය ගැනිමට ද ගෝඨාභය රාජපක්ස සමත් වුණේ ඡන්ද 91, 349 ක් ලබා ගනිමින්.

එහිදී සජිත් ප්‍රේමදාස ඡන්ද 35,557 ක් ලබාගෙන තතිබූ අතර අනුර කුමාර දිසානායක ලබාගෙන තිබුණේ ඡන්ද 5094 ක් පමණයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More