දේශීය පුවත්

ඊයේ දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වාර්තා කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය සදහා  අවශ්‍ය ඡන්ද ප්‍රමාණය මේ වන විටත් ඉක්මවා ගොස් තිබේ.

උතුර හා නැගෙනහිර ළාත්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි පසුබෑමක් පෙන්නුම් කළ ද දකුණේ අති බහුතර ආසන ප්‍රමාණයක් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය  කර තිබේ.

මෙම ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේද ජයග්‍රහණය තහවුරු වී ඇති බැවින් එය සාමකාමීව සමරන ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More