ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව වලින් සුබාශිංසන පළ කෙරුණේය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පැවසුවේ ලැබු ජයග්‍රහණය අනුව රට බාරගෙන නිවැරදිව රට පාලනය කිරීමට කටයුතු කරන ලෙසයි.
රට පාලනය කිරීමේදී කිසිඳු බෙදීමකින් තොරව රටේ සමස්ත ජනතාවට හොඳින් සලකමින් රට සාමකාමී රටක් බවට පත් කරන්න නව ජනපතිගෙන් සහ මහින්ද රජපක්ෂ මහතාට ආයාඡනා කරන බවද උන්වහන්සේ පැවසුහ.
එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පැවසුවේ මෙවර සාමකාමී මැතිවරණයක් දැකගන්නට ලැබුණු බවයි.
උන්වහන්සේ සඳහන් කළේ මෙවර ඉදිරිපත් වු ප්‍රධාන අපේක්ෂකයින් ආදර්ශමත්ව ක්‍රියා කිරීම එයට හේතු වු බවයි.
පත්වූ නායකත්වය සැවොම භාරගත යුතු බවත් නායකයාට වැඩ කරන්න සියළු රට වැසියන් සහාය දිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කරයි.
මෙවර මැතිවරණය තුලත් අන්තවාදය ක්‍රියාත්මක වු නමුත් මෙම මැතිවරණය තුලදීම අන්තවාදයට පිළිතුරු ලැබී ඇති බවද උන්වහන්සේ සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...