දේශීය පුවත්

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදී හෙට පස්වරු 2.00ට රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් කැබිනට් අමාත්‍යවරුන් අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හැර පක්ෂ නායකයින් සහ සියලුම කැබිනට් අමාත්‍යවරුන් එක්ව සිටි බවත් ඔහු සඳහන් කළේය.

මෙම රැස්වීමේදී මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්  පැවසූ මනෝ ගනේෂන් මහතා ආණ්ඩුව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වනවාද, මහ මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය දෙනවාද ආදි කරුණු සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේදී ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More