දේශීය පුවත්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (17 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත. රජයේ මැති ඇමැතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි නමුත් ඇතැම් ඇමැතිවරු මෙම සාකච්ඡාවට සහභාගි වීමෙන් වැළකී සිටියහ. කථානායකවරයා සමග සාකච්ඡාවක් පවත්වා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාව පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්පසු එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂට සුබ පැතුම් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

එය මෙසේය,

‘‘අලුතින් පත්වූ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපගේ සුබ ප්‍රාර්ථනා පිරිනමමු. ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපි, මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ කථානායකතුමන් සහ පක්ෂ නායකයන් සමගද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගද සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වන්නෙමු.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More