එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යධූරයෙන් ඉවත්වී තිබේ. ඊට අමතරව හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් ඊයේ (17 වැනිදා) ඉල්ලා අස් විය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින්ද තමන් ඉවත් වන බව ඔහු සඳහන් කරයි.
මේ අතර තමන් ජනතා තීරණයට ගරු කරමින් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ බව අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කරයි. මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වය අවසන් බවද ඔහු අවධාරණය කර සිටියි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ජනතා තීරණයට ගරු කරමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව මංගල සමරවීර මහතා පවසයි.
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ධුරයෙන් මලික් සමරවික්‍රමද ඊයේ (17 වැනිදා) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ. මෙම පාර්ලිමේන්තු සැසි වාරය අවසානයේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවද මලික් සමරවික්‍රම මහතා පවසයි.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන සහ ජනමාධ්‍ය කැබිනට් නොවන සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධනද ඊයේ (17 වැනිදා) පස්වරුවේ සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...