අනුර කුමාර දිසානායක වෙත ලැබුණු ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටු විය නොහැකි බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර සිටියි.
ජාතික ජන බලවේගය විසින් සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එම බලවේගය විසින් මුහුණුපොතට එක්කර ඇති ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
‘‘මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයගෙන තිබේ. ජාතික ජන බලවේගය ලෙස අපට ජනාධිපති මැතිවරණයේදී ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටුවීමට නොහැකිය. අප මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුව තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී රටේත් ජනතාවගේත් අනාගත ජයග්‍රහණය සඳහා සටන් වදින ජාතික ජන බලවේගය නම් වූ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී, වාමවාදී හා සැබෑ දේශප්‍රේමී දේශපාලන කඳවුරක් එනම්, පුළුල් මහජන ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කිරීමට අප සමත්වීමු. එමෙන්ම ලංකාවේ දේශපාලනයේ මැතිවරණ වේදිකා තුළ සිදුකෙරෙන එකිනෙකාට මඩ ගැසීම, අසභ්‍ය වචන කීම, සිල්ලර පොරොන්දු තොග ගණනින් දීම වෙනුවට, රට තුළ ගැඹුරු ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීමට අප කටයුතු කළෙමු. එම සංවාදය තුළට මෙරට බොහෝ දෙනා එකතුකර ගැනීමට හැකිවීම අප ලද දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයකි.
අනෙක් අතට ජනාධිපතිවරණ වේදිකාවල සමහර පක්ෂ ජාතිවාදය අවුළුවාලද්දී විවිධ ජාතිකත්වයන් එකිනෙකට බියවද්දා ඡන්ද ගැනීමට උත්සාහ දරද්දී ජාතිවාදයෙන් තොර දේශපාලනයක් හා ජාතික සමගිය සහිත මැතිවරණ වේදිකාවක් තැනීමටද අපට හැකිවිය. එයද අනාගතය සඳහා වන සාධනීය කරුණක් ලෙස අපි දකිමු.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...