දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවශ්‍ය වාතාවරණය සැකසෙනතුරු අවශ්‍යවුවහොත් පාර්ලිමේන්තුව සති 2ක් පමණ කල්දැමීමට පියවර ගන්නා ලෙසට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් තීරණය කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ .එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් ඒකාබද්ධ විපක්ෂයේත් සහයෝගයෙන් ගොඩනැංවෙන නව ආණ්ඩුවක් සහා පාර්ලිමේන්තුවේ බහුතරය පෙනවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විට අවශය කටයුතු කරමින් සිටී.

ඊට කැමැත්ත පළකර පිරිස සමග තවදුරටත් සාකච්ඡා සිදුකරමින් සිටින බවත් 19වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර බහුතරය සපුරා ගැනීමට හැකිවෙකැයි අපේක්ෂා කරන බවද එම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමගද සාකච්ඡා සිදුකරගෙන යන බවත් ඔවුන්ගේද සාර්ථක ප්‍රතිචාරයක් ලැබී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

නමුත් 19 වැනිදා වන විටත් යම් හෙයකින් මෙම සාකච්ඡා සිදුවුවහොත් සති 2කට පමණ පාර්ලිමේන්තුව කල්දැමීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද එම අමාත්‍යවරය ප්‍රකාශ කළේය.
19වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතිකපක්ෂයෙන් හෝ දෙමළ ජාතික සන්ධානයේ සුදානමක් පවතින බවත් එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂයෙන් සන්ධාන ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටින පිරිස යම් අර්බුදයකට ලක්ව තිබෙන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එම අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නමුත් 19 වැනිදා වන විට බහුතරය පෙන්වීමට අදාළ සියලුම කටයුතු සාර්ථක වුවහොත් පාර්ලිමේන්තුව කල්දැමීම අවශ්‍යතාවක් නොමැති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාහ කළේය.
මෙම සියකු කරුණු හා පවතින තීරණාත්මක දේශපාලන තත්ත්වය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ද විපක්ෂයේද විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

එය පැවැත්වුණේ 17 දින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More