එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් සිය තනතුරුවලින් ඉවත් වීමට කැමැත්ත පළකොට ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු වෙනත් පක්ෂයක් මගින් මැතිවරණයට ඉදිරිපත් වීම සැලසුම් කරමින් බව වාර්තා වේ.
තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට අනාගත දැක්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති හෙයින් මෙම තීරණය ගැනීමට බොහෝ පිරිස් එකඟවූ බව එහි අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම එජාපයේ පරාජයට හේතුවක් විය හැකි බවද ඔවුන්ගේ මතය වී ඇත.
එම ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය පිටුපස සිටි පුද්ගලයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුට සමීප පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කිරීමට මුලසිටම ක්‍රියා කළ බවද අදාළ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊයේ(17) පැවති හදිසි රැස්වීමේ දී ද තීරණය වී ඇත්තේ මහමැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට ආණ්ඩුව සූදානම් බවයි. ඒ අනුව ඉදිරි දිනක දී පාර්ලිමේන්තු බහුතරයේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසිරීමට ද නියමිත බව දැනගන්නට ලැබේ.
විශේෂ ලියුම්කරු
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...