මෙරට හත්වන විධායක ජනපති ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.
මෙමස 29වනදාට සිය රටට පැමිණේන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ ආරාධනය ඒ මහතා විසින් පිළි ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි.
ඒ අනුව නුදුරේදීම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සංචාරයක් සඳහා අද(19) සවස දිවයිනට පැමිණි බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාල සඳහන් කරයි.
එතුමා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇත.
ඔවුන් අද සවස 4.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...