දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පැයක්වත් ප්‍රමාද නොකර රජය භාර දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා ඊයේ (19 දා) පැවසීය.

එසේ අවස්ථාව නොදී කඩිනම් මහ මැතිවරණයකට යෑමෙන් අපේ අය සිදුකරන්නට යන්නේ ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පිලට ඓතිහාසික පාවාදීමක් යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා එම අමාත්‍යංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපතිවරයා පරාජයට පත්වීමෙන් පසු කඩිනමින් මහ මැතිවරණයකට යෑමෙන් එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ කණ්ඩායමට අත්වන පරාජය යම්තාක් දුරට සමනය කර ගැනීම සඳහා මහ මැතිවරණය ප්‍රමාද කළයුතු යැයිද ඒ මහතා කීය. ඒ සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරවීමේ බලය ලැබෙන පෙබරවාරි අවසන් වනතෙක් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට රජය කටයුතු කළ යුතු යැයිද හෙතෙම කීය. එම කාලය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්වන නව කැබිනට් මණ්ඩලයට පරණ මුහුණු එකතු වීමෙන් මහජනතාව තුළ යම් මතයක් ගොඩනැගීම සහ එහි වාසිය එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ කණ්ඩායමට ලබාගත හැකි යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More