දේශීය පුවත්

ඒකීය රාජ්‍ය සංකල්පයට එරෙහි කිසිවෙකුටවත් ජනාධිපතිවරණයෙන් ලබාගත් ජනතා ජයග්‍රහණය ආපසු හැරවීමට ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ දී ඊයේ(19) පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩවල නිරත වෙමින් සිටින බවයි.

පාර්ලිමේන්තුව තුළ ජනවරම නැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සියලු දෙනා පරාජයට පත්ව අවසන් බවත් කියා සිටි ගුණවර්ධන මහතා, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැඟීය හැකි රජයක් ඉක්මනින් ඇති කරන බවත් පැවසීය.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සාකච්ඡා රැසක් පවත්වන බවත් පැවසු ඒ මහතා, ව්‍යවස්ථාව අනුව ගෝඨාභය ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා බවත් කියා සිටියේය.

එනිසා ජනතා මතයට ගරු කර ආණ්ඩුව හා රට ගෙනයෑමේ වගකීම ගෝඨාභය මහතාට පැවරීම යුතුකමක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් අසා සිටියේ ඉදිරියේ ඇති කරන ආණ්ඩුවක් තුළ රිෂාඩ් බදියුදීන් හෝ රවුෆ් හකීම් වැනි අය එක් කර ගන්නේ දැයි යනුවෙනි.

එයට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කර සිටියේ, එකතු කර නොගන්නා බවට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, සංඛ්‍යා ප්‍රශ්නයක් නොමැති බවත්ය.

ඒකීය රාජ්‍ය පිළිනොගන්නා කුමන්ත්‍රණකරුවන්ට කිසිලෙසකින් හෝ මෙම ජයග්‍රහණය ආපසු හැරවීමට අවස්ථාව නොදෙන බවත් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.
âda derana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More