දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් පවතින ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන රජය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශමහතා මේ බව පැවසීය.

එමෙන්ම මහ බැංකුවේ සිදු වු සොරකම සම්බන්ධයෙන්ද සොයි බලා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටය කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

සූදු වැන් රියදුරු ලෙස පසුගිය දා යම් පුද්ගලයෙක් ගෙන්නවා රාජිත සේනාරත්න මහතා විසින් කළ ක්‍රියාදාම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත් අදාල රියදුරුයැයි පැවසු පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඔගේ සාක්ෂි අනුව එවැනි ඝාතන සිදු වි ඇත්නම් ඒ සම්බන්දයෙන්ද ක්‍රිා කරන බව ඒ මහතා සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීමට ප්‍රතිවාදීන් කටයුතු කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More