ජවිපෙට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හෝ ආණ්ඩු පිහිටුවීමට හෝ කිසිවිටකවත් කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවසීය.
අපේ ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයට සාපේක්ෂව ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාත්‍යකින් වැඩිවී තිබෙනවා. අපට ඡන්දය දුන් සියලු දෙනාගේ අරමුණ පවතින සමාජ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමයි.
ඒ වගේම මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම ප්‍රතික්ෂේප කරන පිරිසක් තමයි අපට ඡන්දය දුන්නේ. එසේ තිබියදී අපට වෙනත් පක්ෂයක් සමග එක්ව පලාත් පාලන ආයතනවල බලය ආයතන තුළදීත් ඉන් පිටතදීත් අප සැබෑ මහජන සේවකයන්ගේ කාර්ය භාරය ඉටුකරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...