විදේශ පුවත්

යුද අපරාධ චෝදනා ගැන ක්‍රියාකිරීමේ ඇමෙරිකානු දෙබිඩි පිළිවෙත දැන් හෙලි වී ඇත.

මේ සතියේ දිනෙක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ සිදු වූ යුද අපරාධ පිළිබඳව වරද කරුවන් වූ හමුදා නිලධාරීන් තිදෙනකුට සමාව දුන්නේය. ඉරාකයේ සිදු වූ යුද අපරාධයක්‌ පිළිබඳව නිලයෙන් පහත දැමු නාවික සීල් බලකා ඒකකයේ ප්‍රධානියාට යළි එම ධූරය යළි ලබාදීමට ට්‍රම්ප් ක්‍රියා කළේය.

මෙම සමාව දීම පූර්ණ සමාවදීමකි. පළමු ලුතිනන් µsලින්ට්‌ ලෝරන්ස්‌ මේජර් මැතිව් හෝල්ඩ්වින් සහ එඩ්වඩ් ගැලගර්ට මෙලෙස සමාව හිමිවිය.

මේ ගැන ට්‍රම්ප් පැවසූවෙ මේ හමුදා නිලධාරින් රට වෙනුවෙන් සේවය කළ නිසා තමා ඔවුන්ට සහය දුන් බවයි. 2013 දී ඇප්ගනිත්සානයේ නගර්දාර් ප්‍රදේශයේ මාර්ගයක යටින් සිටි මිනිසුන් දෙදෙනකුට වෙඩි තබන ලෙස ලෝරන්ස්‌ නියෝග කර ඇත. ඔහු එම චෝදනාවට වරදකරුවන් විය. 2010 දී නිරායුධ මිනිසකුට වෙඩි තබා මරා දැමීම ගැන ගෝල්ඩ්ස්‌මිත් වරදකරු විය.

එඩ්වඩ් ගැලගර් නැමැති නාවික සීල් භටයා 2017 දී ඉරාකයේ සිදු වු යුද අපරාධ රැසකට වරදකරු යෑයි හමුදා අධිකරණය තීන්දු කර තිබුණි. එහෙත් නීතිරීතිවල දුර්වලතා නිසා ඔහු නිදහස්‌ වී පසුව වරදකරු වුයේ වෙඩි තබා මරා දැමූ ඉරාක ජාතිකයාගේ සිරුර අසල සිට ඡායාරූපයක්‌ ගැනීම නිසාය..

ට්‍රම්ප්ගේ මෙම සමාවදීම ගැන ඇමෙරිකානු සිවිල් හිමිකම් සංවිධානය දැඩි විරෝධය පල කර තිබුණි.

එසේ ට්‍රම්ප් අප්‍රිකාවේ ඇප්ගනිස්‌ථානයේ යුද අපරාධ සිදු කළ හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට සහය විය.

සර්බියානු යුද්ධයට සම්බන්ධ නායකයන්ද ඒ අතර විය.

එසේ වුවත් ඇමෙරිකානු හමුදා සෙබළුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ හමුවේ නඩු පැවරීමට ඉඩ නොදෙන බව පැවසූ ට්‍රම්ප් එම අධිකරණයේ කිසිවකුට ඇමෙරිකාවට ඒමට වීසා බලපත් නොදෙන ලෙස නියෝග කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More