දේශීය පුවත්

වර්තමානයේ ඇතිවී තිබෙන දැඩි දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අද (18) දිනත් මේවන විට ස්ථාන කිහිපයකම තීරණාත්මක සාකච්ඡා කිහිපයක්ම පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ තවදුරටත් තබාගැනීම සඳහා සිදුකෙරෙන සාකච්ඡා අරලියගහ මන්දිරය, සිරිකොත පක්ෂ මුලස්ථානය, කබීර් හෂිම් අමාත්‍යවරයාගේ නිවසේ , මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ නිවසේ ඇතුළු ස්ථාන කිහිපයක පැවැත්වෙන බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කර නව ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා සිදුකෙරෙණ සාකච්ඡා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයාගේ නිවසේ, එස්. බී . දිසානායක අමාත්‍යවරයාගේ නිවසේ ඇතුළු ස්ථාන කිහිපයක සිදුවන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More