සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයට පත්කරන ලෙස ඉල්ලමින් කථානායකවරයාට කර ඇති යෝජනාවට නීත්‍යානුකූලභාවයක් නොමැති හෙයින් එය බොහෝදුරට පාර්ලිමේන්තුව තුළ විසිවී යනු ඇතැයි වාර්තා වේ.
අදාළ, යෝජනාව සිදුකර ඇත්තේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් වීමත් එය කිසිදු දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් නොවීමත් යන කාරණාව හේතුවෙන් අදාළ යෝජනාවේ බලාත්මක භාවයක් නොමැති බව පැවසේ.
සජිත් විපක්ෂ නායක කරන්නැයි කරන ලද ඉල්ලීම මීට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 70ක් විසින් ඒකාබද්ධ විපක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ පිළිගන්නා ලෙස කථානායක කරූ ජයසූරිය මහතාගෙන් කරන ලද ඉල්ලීම හා සමාන එකක් බව පැවසේ.
එබැවින් එම යෝජනාව පාර්ලිමේන්තුව තුළ නොගනු ඇති බවද පැවසේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව විපක්ෂ නායක කරන ලෙස කර ඇති යෝජනාව පමණක් පාර්ලිමේන්තුවේදී ගනු ඇතැයි මේ අතර වාර්තා වේ.
මේ අතර එජාපයේ කුමන්ත්‍රණය නවතා සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පුද්ගලයකු සිරිකොත ඒජාප මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...