ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කථානායක කරු ජයසූරිය ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක නිරතවී සිටිති. අද (18) දින සවස 6.45 ට පමණ රනිල් වික්‍රමසිංහ මහතාත් කරු ජයසූරිය මහතාත් ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ ඇත.
මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්වී කරුජයසුරිය මහතා ඒ සඳහා පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට යන බවද වාර්තා වේ රනිල් වික්‍රමසිං හ මහතාට බහුතරය තිබෙන බව සඳහන් ලේඛනයකට අද සිරිකොතේදී අත්සන් ගැනුනු අතර ඊට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම අත්සන් තබාඇතිබව වාර්තාවේ.
රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව එජාපයෙන් එල්ලවන විරෝධය සැලකිල්ලටගෙන එය සමනය කිරීම සඳහා කථානායක කරු ජයසුරිය මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සුදානමක් පවතින බවද වාර්තාවේ.
කෙසේ නමුත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර සදහන් කළේ එජාපයේ කෙනෙකු අග්‍රාමාත්‍යධුරය දරනවානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...