න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන රොකට්ටුවක් නිපදවීම සඳහා ඉදිරියට යාමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පොරොන්දු වී තිබේ.
අගෝස්තු 8 වැනි දින ධවල මුහුදේදී සිදුකළ පරීක්ෂණ පරාසයකදී රොකට් එන්ජිමක් පුපුරා යාමෙන් ඉංජිනේරුවන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මියයෑමේ සිදුවීම සිහිපත් කරමින් පූටින් මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.
මෙසේ පුපුරා ගොස් ඇත්තේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන කෘස් මිසයිලයක කොටසක් බව ආරක්ෂක විශේෂඥයෝ විශ්වාසය පළ කරති.
“කිසිවක් නොතකා අපි මෙම ආයුධය පරිපූර්ණ කිරීමට කටයුතු කරනවා” යැයි පූටින් වින්දිතයන්ගේ වැන්දඹුවන්ට පවසා තිබේ.
“එවැනි අද්විතීය තාක්ෂණයන් සන්තකයේ තිබීමම පෘථිවියේ සාමය සඳහා වඩාත් වැදගත් සහ විශ්වාසදායක සහතිකයක්” බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
රුසියානු නායකයා බ්‍රහස්පතින්දා ක්‍රෙම්ලිනයේ පැවති උත්සවයකදී මියගිය අයගේ ඥාතීන් ගෙන්වා එම විරුවන්ට අදාළ සම්මාන ත්‍යාග පිරිනැමූ බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...