එංගලන්ත රජ පවුල මේ දිනවල ලෝකයේ අවධානයට ලක්වූ ආන්දෝලනාත්මක සිද්ධියකට මුහුණ පා සිටියි.
රැජනගේ දෙවැනි පුත්‍රයා යෝක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු රාජකීය කටයුතුවලින් ඉවත් කිරීමත් සමඟය. රැජන මේ තීරණයට එළැඹුණේ ඔහුට එල්ල වී තිබෙන ලිංගික අපචාර චෝදනා මුල්කර ගෙනය. බකිංහැම් මාලිගයේ ඔහුගේ පෞද්ගලික සහකාරිය ඇතුළු කාර්ය මණ්ඩලය ද නෙරපා දමන්නට රැජන කටයුතු කළාය. තවදුරටත් රාජකීය අරමුදලින් ඔවුනට නඩත්තු සැපයෙන්නේ නැත. ඒ මදිවාට ලෝකය පුරා සවාරි යාමේ රුසියෙක් වූ ඇන්ඩෘ කුමරු සැලසුම් කර තිබූ බහරේන් චාරිකාව ද අවලංගු කරන ලෙස රජ පවුලෙන් බලපෑම් එල්ල වී ඇත. මේ මොහොතේ හැකි ඉක්මනින් මාධ්‍ය හමුවට ගොස් ජනතාව ඉදිරියේ තම නිර්දෝෂී බව ඔප්පු කර රජ පවුලට සිදුවූ අපකීර්තිය නිවැරදි කිරීම ඔහුගේ යුතුකම ලෙස රාජකීයයෝ පෙන්වා දී තිබේ.
ඇන්ඩෘ කුමරු මේ අලකලංචියට මුහුණපෑවේ වැරදි මිතුරු ආශ්‍රය නිසාය .ලෝක සංචාරයට සහ විනෝදයට ප්‍රිය ඔහුගේ සෙල්ලං සවාරි සඳහා බොහෝ විට වියදම් කළේ ඔහු වටා සිටි කෝටිපති මිතුරන්ය. අමෙරිකානු ජාතික මූල්‍ය කළමනාකරුවකුව සිටි ජෙෆ්රී එප්ස්ටීන් ද එවැන්නෙකි. මෙම කෝටිපතියා පසුගියදා සියදිවි නසාගන්නා විට ඔහුට එරෙහිව ලිංගික අපචාර හා ලිංගික සේවය වෙනුවෙන් කාන්තාවන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි. එප්ස්ටීන්ගේ මිතුරකුව සිටි බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරුටත් එලෙස ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වුණි. තමා 17 වැනි වියේ පසුවද්දී ඇන්ඩෘ කුමරු හා ලිංගික සබඳතාවක් පැවැත්වූ බවටත් ඒ සඳහා තමාට බල කර සිටි බවටත් චෝදනා එල්ල කළේ වර්ජිනියා ජියුෆර් නැමැති කාන්තාවකි.
කෙසේ නමුත් අදාළ කාන්තාව සමඟ කිසිදු සබඳතාවක් නොපැවැත්වූ බව පවසමින් යෝක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ නමුත් තමාට එල්ල වී ඇති චෝදනා සහ ජෙෆ්රී එප්ස්ටීන් සමඟ පැවති මිත්‍රත්වය මුල්කර ගනිමින් බ්‍රිතාන්‍ය රජ පවුලට සිදුවිය හැකි අපකීර්තිය ගැන සලකා රාජකීය රාජකාරිවලින් ඉවත් වීමට ඇන්ඩෘ කුමරු ද තීරණය කර තිබේ. ඔහු ඒ සඳහා එළිසබෙත් රැජනගේ අවසරය ඉල්ලා තිබුණි. මේ වන විට 59 වැනි වියේ පසුවන ඇන්ඩෘ කුමරු එළිසබෙත් රැජනගේ දෙවැනි පුත්‍රයාය. රජ කිරුළට හිමිකම් කියන අනුපිළිවෙල අනුව ඔහු ඉවත්වන විට අටවැනි ස්ථානයේ පසුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...