අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(25) පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගත්තේය.
එහිදි ඔහු කියා සිටියේ, ඉදිරියේදි රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පනතක් මඟින් තහවුරු කරන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවනු ලැබූ අන්තර්කාලීන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එම අමාත්‍යංශයේදි සිය ධූරයේ වැඩ භාරගත්තේය.
මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්ෂයේ ආශිර්වාද මධ්‍යෙය් අද පෙරවරු 10.15 ට පමණ අග්‍රාමාත්‍යවරයා සිය මුදල් අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කළේය.
මෙහිදී අදහස් දැක්වු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසා සිටියේ, අගමැතිවරයාට මෙම අමාත්‍යාංශය අලුත් තැනක් නොවන බවයි.
නමුත් මහින්ද රාජපක්ෂ මහතා සෑමදාකම මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගන්නා විට ආර්ථිකය නම් හොඳ තත්ත්වයක නොපැවතු බවද සඳහන් කළ ඒ මහතා, කුමන මතිමතාන්දර තිබුණත් රජයේ සේවකයින් ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිය වෙනුවෙන් කැපවෙන බවත් පැවසීය.
නිලධාරීන්ට යම් යම් ගැටළු ඇති වු බවත් පැවසු ඒ මහතා, රජයේ ප්‍රතිපත්තිය තුළ ගන්නා තීරණවලදී ඇමතිවරුන් විසින් රජයේ නිලධාරීන් ආරක්ෂා කරනු ඇතැයි තමා විශ්වාස කරනු ඇතැයි ද කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වු අගමැතිවරයා පවසා සිටියේ, තමා මුදල් අමාත්‍යධුරයට පත්වු 4 වන වතාව මෙය බවයි.
තමා එලෙස පත්වු සෑම අවස්ථාවකම විශේෂ වු අභියෝගයන්ට මුහුණ දීමට සිදුවු බවද පැවසු අගමැතිවරයා, මෙවර ද එය එසේම බව සඳහන් කළේය.
මහබැංකු අධිපතිවරයා විසින් පවසන තත්ත්වයට ආර්ථිකය වැටී ඇති බවද පැවසු මහින්ද රාජපක්ෂ මහතා අද වන විට FCID රැගෙන යනු ඇතැයි සීතිම රජයේ නිලධාරීන්ට ඇති ලොකුම බය බවද පැවසීය.
ඉදිරියේ දි පනතක් මඟින් ඔවුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය සියලු දේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාතයංශයේදිත් සිය ධූරයේ වැඩ ඇරඹීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...