විදේශ පුවත්

ලංකාවේ අභිවෘද්ධිය තකා වැඩ කරන මෙතන බුකියේ දේශපාලන වැඩ කරන සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා මේ දවස් වල මියන්මාරය සම්බන්ධයෙන් සිද්ධ වෙන දේවල් දිහා නිරීක්ෂණය කරන්න කියලා…..

අපි කවුරුත් දන්නවානේ මියන්මාරයේ රෝහින්ග්‍යා ප්‍රශ්නය. ඒක සම්බන්ධව UN එකේ මියන්මාරයට විරුද්ධව යෝජනා 78කට වැඩිය සම්මත වෙලා තියනවා. ඒ අතරින් 2019 දි අන්තර්ජාතික පරීක්ෂණයක් (ඇත්තටම කිව්වොත් fact finding mission) එකක් කරලා අන්තිමට UN එක කිව්වා මියන්මාරය විශේෂයෙන් එහෙ හමුදා නිලධාරීන් රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව ජනසංහාර genocide චෝදනා වලට ලක් කරන්න පුළුවන්, මියන්මාරයේ වෙන්නේ වාර්ගික සංහාරයක් හා ජනසංහාරය්ක කියලා…..

දැන් මෙතන අපිට අදාළ වෙන කොටස මේකයි………මියන්මාරය මෙච්චර දවස්, ජාත්‍යන්තර යුද අපරාධ උසාවියෙන් ගැලවිලා හිටියා චීනය ආරක්ෂක කවුන්සිලයේ ඉන්න නිසා, ඒකේ උදව්වෙන්. සාමාන්‍ය යෙන් රටක් හේග් නුවර යුද අපරාධ කවුන්සිලය වෙත යොමු කරන්න පුළුවන් වෙන්නේ ආරක්ෂක කවුන්සිලයෙන්, නැත්තම් ICC ප්‍රඥප්තියට අත්සන් කරලා තිබිය යුතුයි. මියන්මාරයත් අත්සන් කරලා නැ ඒ වගේම ආරක්ෂක කවුන්සිලයේදී චීන ආවරණය ලැබුණා. ලංකාවට වගේම……..

නමුත් දැන් වටවංගුවක් ගහලා මියන්මාරය ඇදගෙන යනවා හේග් නුවර යුද අපරාධ අධිකරණයට. ඒක කරන්නේ OIC එක ඒ කියන්නේ Organisation of Islamic Countries වලින් මුදල් ලබාගෙන ගැමීබියාව හරහා….ඇත්තටම ගැමීබියාව මේ කරන්නේ කීයක් හරි හොයාගන්න…….

ගැමීබියාව අන්තර්ජාතික යුක්තිය පිළිබඳ අධිකරණය International court of justice, International Criminal Court හා ආර්ජන්ටිනාව යන රටවල Universal Jurisprudence යටතේ නඩු දාලා තියනවා. ( ඔය අන්තිම එක තමයි පහුගිය දවස් වල ලංකාවට කරන්න කියලා සයිඩ් අල් හුසේන් සාමාජික රටවලින් ඉල්ලුවේ) ඔන්න දැන් එක්කෙනෙක් කරනවා ඒක මියන්මාරයට විරුද්ධව………මයින්මාරයට විරුද්ධව මේ කියන ගැමීබියා රට නඩු ටික දානවා. ඒක දාන්නේ ඒ රජයෙන්මයි. ( රජයකට පමණයි තවත් රජයකට එරෙහිව නඩු දාන්න පුළුවන්). රටේ නායකයා වන අවුං සාන් සුකී හා හමුදා ලොක්කෝ ඉලක්ක කරලා තමයි නඩු දාන්නේ. රාජ්‍ය නායකයෙක් කියලා මේ අයට diplomatic cover එක හම්බෙලා නැ…….ඒ වගේම මෙතන ලස්සන වැඩේ මේ ICC ප්‍රඥප්තියට අත්සන් කරලා නැති මියන්මාරය ගේන්නේ ලස්සන නීති තර්කයක් දාලා. ඒ තමයි මේ රෝහින්ග්‍යා සරණාගතයින් ඉන්නේ බංග්ලාදේශයේ. බංග්ලාදේශය කියන්නේ ICC ප්‍රඥප්තියට අත්සන් කරපු රටක්……..ඒ නිසා මේ කේස් එක ICC එකට ගෙනියන්න පුළුවන් මියන්මාරය වග උත්තරකරුවෙක් කරලා……ඒ විදිහටම ICC එකේ chief prosecutor ( එයත් ගැමීබියානු ජාතික කාන්තාවක් 🙂 ) මේ නඩුව භාර ගත්තා……දැන් ලබන මාසේ ඉඳන් මියන්මාරයට එරෙහිව යුද අපරාධ පිළිබඳව නඩුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විභාග වෙනෙවා……

මෙතන පෙන්වන දේ තමයි අපේ රටට විරුද්ධව වැඩ කරන INGOs හා විදේශ රටවල් වලට ලංකාව ඉලක්ක කරන්න මේක හොඳ විදිහක් බව. විශේෂයේන ලංකාව පාලනය කරගන්න ඒ අයට ඕන වෙන කොට නැත්තම් අර සූකාගේ NGO එකට ඕන වෙන කොට මේ වැඩේ කරන්න පුළුවන්. මේක ඒ අයට හොඳ අවස්ථාවක්. සල්ලි විතරයි ඕන. ඒ නිසා මේක අපි ඉස්සරහා තියන බරපතල possible තර්ජනයක්

UN ප්‍රශ්නය හුදු යෝජනාව නොපිළිගෙන ඉන්නවා වගේ ලේසි උත්තර තියන දෙයක් නෙමෙයි. ඒ නිසා නව රජයට සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම්, කරුණාකර එහි වගකිව යුත්තෙක්ට මේ සම්බන්ධව දන්වන්න……..
ඒ වගේම මේ ගැටළුව සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන සොයා බලන්න….මේ අවස්ථාව සූකා ප්‍රමුඛ කොටි රැල අත්නොහරින බව මගේ විශ්වාසයයි…prepare for the worst case scenario………

-Ish Diaz



2 thoughts on “අවුන් සාන් සුකි, ජාත්‍යන්තර අධිකරණයට!!!”

  1. You have revealed a great possible point….we should inform this to the president and all to take the safety precautions……and pls keep infirming the progrss of this case…..

  2. අවුන් සාන් සුකි, ජාත්‍යන්තර අධිකරණයට!!!
    lankaleadnews.com
    ICC and ICJ circuses; you do not have to worry. Ang and Generals have agreed to attend the ICJ and show their acts. Even if you are convicted they cant do any thing as far as I know. If you get put in jail no worries as you get your share of Joint (Ganja).
    About us I do not think we have to worry as India, Indian Imperialists and Indian Colonial Parasites Cartel here failed at the election on 16/11. The lead horse backed by them failed and their wedges to divide the Sinhalese Anura and Mahesh lost their deposits.
    In the UN Banki is no more and you do not have to worry about his Indian son in law. The two Indian Colonial Parasites from South Afrika Yasmin Sooka who wrote the Darusman Report is short of funds and Nawanatum Pillayan has disappeared from the scene. We might have to worry about two Indian Parasites Naidu of Amnasty International and Meenakshika Ganguly of Human Rights Watch.
    My feeling is India will keep out as Gota was the Cannon that blew up the India’s terrorists branded the Tamil Tigers by India.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More