පාර්ලිමේන්තුව විනාඩි 15කට කල් තබා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කරයි. අද (19) දින පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී වැඩකටයුතු සිදුකරගෙන යනවිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නැගී සිටිමින් ප්‍රකාශ කළේ රටේ වර්තමානයේ තිබෙන දේශපාලන අර්බුදය ගැන අද දිනම පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවයි. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම විවාදය වෙනත් දිනයක ගතහැකි බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඊට විරෝධය ඵලකළ අතර ඒ අනුව සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...