විදේශ පුවත්

නැගෙනහිර යුරෝපයේදී රුසියාව සමග ගැටුමකට ගියහොත් බ්‍රිතාන්‍ය ගොඩබිම් හමුදා අනිවාර්යයෙන්ම රුසියානු බලය හමුවේ පරාජයට පත්වන බව ආරක්ෂක බුද්ධි මණ්ඩලයක් පවසයි.

රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනයේ (Rusi) කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ බ්‍රිතාන්‍ය හමුදාවට මෙන්ම නේටෝ හමුදාවන් කාලතුවක්කු සහ පතොරම්වල “බරපතල හිඟයක” පසුවන බවයි.

එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයක් තුළ විශ්වාසනීය ආරක්ෂක ස්ථානයක් පවත්වා ගත නොහැකි බවයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ එක්සත් රාජධානිය නේටෝ සමඟ සමීපව කටයුතු කරන අතර එය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට හොඳින් සන්නද්ධව සිටින බවයි.

එනමුදු, සන්ධානයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් ලබන සතියේ ලන්ඩනයේ නේටෝ නායකයින්ගේ රැස්වීමකට පෙර මෙම පර්යේෂණය සිදුවීමද එය වඩාත් කතාබහට ලක්වීමට හේතු වී ඇත.

2014 දී මොස්කව් විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමත් සමඟ එක්සත් රාජධානිය සහ අනෙකුත් නේටෝ සාමාජිකයන් සමඟ නැගෙනහිර යුරෝපයේ හමුදා ස්ථානගත කර තිබේ.

බ්‍රිතාන්‍ය හමුදා 800ක් පමණ මේ වනවිට එස්තෝනියාවේ ස්ථානගත කර ඇති අතර, එහි පළමු බලඇණිය ස්ථානගත කරන ලද්දේ 2017 දී ය.



One thought on “රුසියාව සමග ගැටෙන්න නේටෝ සහ බ්‍රිතාන්‍යට ශක්තියක් නැතිලු”

  1. “…බ්‍රිතාන්‍ය හමුදා 800ක් පමණ මේ වනවිට එස්තෝනියාවේ ස්ථානගත කර ඇති අතර..”

    අනුන්ගේ රටවලදී යුද්ද කරන්න ලෑස්තිවෙන්න මේගොල්ලෝ හරි සමත්!
    දෙවන ලෝක යුද්දය පටන් ගත්තෙත් උතුරු අප්‍රිකාවේ-නැතුව ජර්මනියෙවත්, එංගලන්තයේවත් ,අමරිකාවෙවත් නෙවෙයි. වැරදීමකින් ජර්මානු බෝම්බ කිහිපයක් එංගලන්තයට වැටීම නිසයි ඒ රටවල් ඇවිලුනේ. නැතිනම් සමහරවිට අනුන්ගේ රටවලදීම යුද්දය බේරගනීවී!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More