හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (19) දින පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසුරිය මහතාගෙන් විමසීමක් කළේ ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගුද කියාය. ඊට පෙර රීති ප්‍රශ්නයක් මතු කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්සය ඉවත්වී තිබෙනවාද කියාය.
එසේ ඉවත්වූ බවට සන්ධානයේ මහ ලේකම් පුවත්පතකට ප්‍රකාශ කර තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේ තමාට නිල වශයෙන් එවැනි දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.
නමුත් ඒ ගැන සොයාබලන බවද කථානායකවරයා පැවසීය. ඒ සම්බන්ධයෙන් යළිත් කථානායකවරයාගේ ස්ථාවරය දැනගැනීම සඳහා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම ප්රශ්නය මතුකරන ලදී. ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කෑ කෝ ගසමින් ඊට විරෝධය ඵලකළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක්ද කෑගැසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...