ව්‍යාපාරික පුවත්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අතර මෙතෙක් ක්‍රියාත්මකව පැවති බදු වර්ග රැසක් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අහෝසි කරනු ලැබූ අතර ජනතාවට සෘජුව බලපාන තවත් බදු වර්ග කිහිපයක්ම පහළ දමනු ලැබුවේය.

එම පියවර ජනතාවට සහ මෙරට ආර්ථිකයට බලපාන්නේ කෙසේදැයි අද දෙරණ විමසා බැලුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ඊයේ පැවති අතර එහිදී බදු සහන රැසක් ලබාදීමට සහ තවත් බදු වර්ග කිහිපයක් අහෝසිකිරීමට තීරණය කරනු ලැබුවේය.

ඒ අනුව දෙසැම්බර් මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි ආර්ථික සේවා ගාස්තුව, බැංකු හා මූල්‍යායතන මත පැනවෙන හර බද්ද, කොටස් වෙළෙඳපොළ මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද, පොලී ආදායම් මත අයකෙරෙන රැඳවුම් බදු, ණය සේවා බදු, ස්වාධිපත්‍ය දේපල මත පැනවෙන බද්ද, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් උපයන ආදායම් මත පැනවෙන බද්ද ආදි බදු අහෝසිකෙරෙන බව නිවේදනය කෙරුණි.

මේ අතර 2% ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කර ,වැට් බද්ද 8% දක්වා අඩුකරමින් ජනතාවට 9% ක බදු සහනයක් ලබාදීම ආර්ථිකය පිබිදීමක් ඇතිකිරීම සඳහා ඉවහල් වන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කළේ බදු පහත හෙළීමත් සමඟ භාණ්ඩ හා සේවාවලට ඇති ඉල්ලුම ඉහළ යන බවයි.

ඒ තුළින් ව්‍යාපාරික අංශයේ නව පිබිඳීමක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩි බවයි ඒ මහතා කියා සිටියේ.

මේ අතර වැට් බද්දට අදාළ වන මාසික පිරිවැටුම් සීමාව රුපියල් මිලියනයේ සිට රුපියල් මිලියන 25 දක්වා වැඩි කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එමෙන්ම මෙතෙක් කල් ඉපැයුම් මත බදු අය කිරීමේදී රුපියල් ලක්ෂය දක්වා ආදායම බද්දෙන් නිදහස් වූ අතර එතැන් සිට රුපියල් 1,50,000 දක්වා ඉපැයමට 4% ක බද්දක් ද ,1,50,001 සිට රුපියල් 2,00,000 දක්වා ඉපැයුමට 8% ක බද්දක්ද ආදි වශයෙන් බදු පැනවුණි.

එහෙත් මෙවර ඉපැයම් මත බද්ද මුළුමනින්ම ඉවත් කර ඇත.

එහෙත් බදු අයකිරීමේදී පුද්ගලයකුගේ මාසික ආදායම රුපියල් 2,50,000 සීමාව ඉක්මවා යන්නේ නම් පමණක් එම තැනැත්තා සාමාන්‍ය පරිදි ආදායම් බද්දට යටත් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More