දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස්පක්ෂය ජාතික ආන්ඩුවෙන් ඉවත්වී තනිව එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාකළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

මේ ගැන හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබෙන බව ඒකාබද්ධ විපක්සයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාහ කළේය.

ආණ්ඩුවේ විවිධ බාධා රැසක් මධ්‍යයේ එම අභියෝගවලට මුහුණදෙමින් ඒකාබද්ධ විපක්සය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියම භූමිකාව සිදුකළ බවත් විපක්ෂ නායකධරය ලැබීමෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව සැබෑ විපක්ෂයේ භූමිකාව දැඩිව සිදුකරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාහ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධරය ලබාදෙන ලෙසට කථානායක කරු ජයසුරිය මහතාගෙන් ලිඛිත ඉල්ලිමක් කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More