සෑම පළාත් පාලන ආයතනයකම මන්ත්‍රීවරයකුට සිය කොට්ඨාසය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් එළඹෙන සති දෙක ඇතුළත ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ මගින් සිය කොට්ඨාසය සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබාදීමට ඔවුන්ට අවස්ථා හිමි වෙන බව තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
මේ වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා ආර්ථික සංවර්ධන නිලධාරියකු, සමෘද්ධි නිලධාරියකු සහ ග්‍රාම නිලධාරියකුගෙන් සමින්විත කමිටුවක් යොදවන බව තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (29) සුබ මොහොතින් වැඩ බාර ගැනීමෙන් අනතුරු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ගමට මුදල් ගෙන යෑමේ අරමුණින් මේ වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇති බවත් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...