පසුගිය දා නිමාවට පත් වූ පලාත් පාලන මැතිවරණය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිලිබදව අවධානය යොමු කළ රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ විශේෂ කැඳවීම අනුව අද දින ( 2018-02-19) පස්වරුවෙහි පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීම සඳහා කථානායකතුමන්ගේ විශේෂ ආරාධනය පරිදි පලාත් සභා සහ පලාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, සීමා නීර්ණ කොමිසන් සභාවේ සභාපතිවරයා, නීතිපතිවරයා, රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරයා, පලාත් පාලන අමාත්‍යංශයේ නීති අංශ ප්‍රධානී යන අය ද එක් වූහ.
පලාත් පාලන මැතිවරණයෙන් පසුව නව පලාත් පාලන ආයතන ස්ථාපිත කිරීම සහ ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් පත් කිරීම මෙන්ම කාන්තා නියෝජනය පිලිබඳව ඇති වී තිබෙන අසමබරතාවන් නිරාකරණය කිරීම පිලිබඳව අවධානය යොමු විය.
මෙහිදී ඉදිරි සති දෙකක තුල ඒ ඒ පක්ෂ විසින් තම නියෝජිතයන් (පලාත් පාලන මන්ත්‍රීවරුන්) නම් කිරීමට තීරණය කෙරිනි. එමෙන්ම මෙවර යොදා ගනු ලැබූ මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු සහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී මුහුණ දීමට සිදු වූ ප්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමු විය.
මෙවර මැතිවරණයේ දී සිදු වූ අඩුපාඩු අවම කර ගැනීම මෙන්ම ඉදිරියේ දී පැවැත්වෙන පලාත් සභා මැතිවරණයේදී භාවිතා කරනු ලබන මැතිවරණ ක්‍රමය පිලිබඳව ද මෙම රැස්වීමේදී අවධානයට ලක් කෙරිනි.
කථානායක මාධ්‍ය ඒකකය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...