වසර 24 කට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝදනය කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය පිලිබද විවාදය අද (2018-02-19)පෙරවරුවේ ආරම්භ විය.
මෙය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමින් යුත් අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇති බව කථානායකවරයා සඳහන් කළේය.
යල් පැන යමින් තිබූ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 24 කට පසුව සංශෝධනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීමක් බවත්, එමෙන්ම දිගුකලක් පුරා කතාබහට ලක් වූ මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුව තුලින්ම යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවීම අනාගතයේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට මඟ පාදනු ඇති බවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් කියා සිටියහ.
කථානායක ධූරයට පත් වූ දින සිටම මේ සඳහා පුරෝගාමීව කටයුතු කළ කථානායක කරු ජයසූරිය මහතා මෙම සුවිශේෂ ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙරමුණ ගැනීම රට තුල යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට ගත් වැදගත් පියවරක් බවත් මන්ත්‍රීවරු සඳහන් කළහ.
කථානායක මාධ්‍ය ඒකකය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...