2002 වසරේ සිට මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තා පහක් මහ බැංකුවෙන් කෝප් කමිටුව වෙත ලැබී ඇත.
එම වාර්තා නව කෝප් කමිටුව පිහිටුවන තෙක් රහස්‍ය වාර්තා ලෙස කෝප් කමිටු ලේකම් කාර්යාලයේ තැබීමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති තීරණය කර තිබේ.
වාර්තා කෝප් කමිටු සාමාජිකයන්ට පමණක් පරිහරණය කළ හැකි බවටත්, ඒවා නීතිමය කටයුතු සදහා පමණක් භාවිත කළ යුතු බවටත්, නීතිපතිවරයා කෝප් කමිටුවට උපදෙස් දී ඇත. ඒ අනුව එම වාර්තා රහස්‍ය ලෙස තබා ගැනීමට කටයුතු කරන බවද හිටපු සභාපතිවරයා පැවසීය.
මේ නිසා වෝහාරික ගිණුම් වාර්තා මෙතෙක් විවෘත කර නැතැයිද නැවත කෝප් කමිටුව පිහිටුවූ පසු වාර්තා පිළිබඳව පියවර ගන්නා ලෙස තමන් කෝප් කමිටු ලේකම් කාර්යාලයට උපදෙස් දුන් බවත් හෙතෙම කීවේය.
වසර 2002 සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළ මහ බැංකු ගනුදෙනු සිදුව ඇති ආකාරය පිළිබඳව, වෝහාරික විගණනයේදී අවධානය යොමුව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...