රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා ප්‍රකාශ කර සිටියේ, ව්‍යාජ රුසියානු තර්ජනයක් ඉදිරියට දමාගනිමින් රුසියානු දේශසීමා ආශ්‍රිතව නේටෝව බලමුළුගැන්වීම සිදුකරන තත්වයක් තුළ පවා රුසියාව සාකච්ඡාවට සූදානම් බව දන්වා සිටියද, මොස්කව් පාලනය ඉදිරිපත් කළ සියළු යෝජනා නෑසූ කන්ව සිටීමට නේටෝව කටයුතු කරන බවයි.
රොසියා 1 මාධ්‍යට අදහස් දක්වමින්, සර්ජි පවසා සිටියේ “සියලු දේම නැවතී තිබෙනවා පමණක් නොවෙයි සෑම වසරක් පාසාම ඒවා පහත් අඩියකට පත්වනවා” යනුවෙනි.
“වසර පහකට පෙර රුසියාව සහ නේටෝ සංවිධානය අතර හොඳ ක්‍රියාශීලී වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වුනා . නමුත් දැන් අපේ හවුල්කරුවන් අමෙරිකාවද ඇතුලුව අප එළඹුනු ගිවිසුම් වලින් එකින් එක උල්ලංඝනය කරමින් සිටිනවා. ආරක්ෂක අවකාශය දිනෙන් දින හැකිලෙමින් පටුවෙමින් පවතිනවා” යැයි පවසා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,”සිරියාවේ ත්‍රස්තයන් සමඟ කළ යුද්දයෙදී නොයෙක් ගැටලු පැන නැගුනද නේටෝව රුසියාව සමඟ හොඳ ගනුදෙනුවක් පවත්වා ගෙන ගියා.අපි දිගටම කීවේ සියලු දේම වේගයෙන් හොඳ ඵලදායිතාවයකින් ක්‍රියාත්මක කරමු යනුවෙනුයි.සිදුවූ සියලු අකටයුතුකම් අපට අමතක කළ හැකියි. නමුත් අපගේ ගුවන්තරණය සහ ගුවන්තරණය සම්බන්ධ සංධානයට කරනු ලබන බලපෑමට යටත් විය නොහැකියි” යැයි පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...