විදේශ පුවත්

ප්‍රංශ රජය හඳුන්වා දුන් නව විශ්‍රාමික ක්‍රමය හේතුවෙන් සටන් බිමට පැමිණ තිබෙන ප්‍රංශ ජනයාට පසුගිය බ්‍රහස්පතින්දා සිට ප්‍රංශ ප්‍රවාහන සේවකයන්ද එකතු විය. එහි ප්‍රථිපලය වූයේ නව වැඩකරන සතිය ආරම්භ වූ සඳුදා(9) සිට ප්‍රංශයේ නගර වල දිගු වාහන පෝලිම් දක්නට ලැබීමය. විදෙස් වාර්තා වලට අනුව කිලෝ මීටර 630ක වාහන පෝලිමක ප්‍රංශ නගර ආශ්‍රිතව නිර්මානය විය.

ඇද හැලෙන වර්ෂාව විසින් බිඳ වැටුනු ප්‍රවාහන සේවය විසින් ජනයාට ඇති කළ පීඩනය තව තවත් තීව්‍ර කළේය.රාජ්‍ය ප්‍රවාහන සමාගම් වන SNCF දුම් රිය සමාගම සහ RATP සමාගම යන සමාගම් වල සේවකයෝ මෙම වර්ජනයට එකතු වී සිටියහ.පැරිස් නගරයේ කටයුතු සම්පූර්ණයෙන්ණ්න්ම පාහේ අඩපණ කිරීමට එම සමාගම් වල සේවකයන්ගේ වර්ජනයට හැකිවිය.

නගරයේ ක්‍රියාත්මක දුම් රිය මාර්ග දහසයකින් දහයක්ම වර්ජනය හේතුවෙන් නැවතුනි. තවත් හතරක සීමාසහිත සේවයක් සපයා තිබුනි.ඒ අනුව සමස්ත දුම් රිය සේවයෙන් 15% ක් පමණක් ක්‍රියාත්මක වුනි. බස් රථ සේවයද දරුනු ලෙස බිඳ වැටී තිබුනි.මේ හේතුවෙන් පැරිස් මගීන් පා පැදි සහ කාර් රථ මහා මාර්ග වලට එක් කිරීමට කටයුතු කිරීම නගරයේ වාහන තද බදය තවත් තීව්‍ර කළේය.

ඇතිවී තිබෙන තත්වය සම්බන්ධව රාජ්‍ය ප්‍රවාහන ලේකම් ජීන් බැප්ටිස්ට් මහතා පවසා සිටියේ වර්ජිත සේවකයන් සමඟ මෙම මස තුළදීම සාකච්ඡා කරන බවත් සේවකයන් නව විශ්‍රාමික යෝජනා වැරදි ලෙස වටහා ගෙන ඇති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More