කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනය කිරීම සඳහා එහි ද්‍රවශීලතාවය ඉහළ නැංවීම අත්‍යාවශ්‍යයෙන් සිදුකළ යුතු කරුණක් බවත්, ඒ සඳහා රජය සතු ව්‍යවසායයන් ලැයිස්තුගත කළ යුතු බවත් ආචාර්ය මාක් මෝබියස් පවසයි. අද (10) පෙරවරුවේ කොළඹ දී පැවති ආයෝජක සමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී ආචාර්ය මෝබියස් වැඩිදුරටත් කියා සිටියේ, එහිදී වැඩි වශයෙන් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ හැකි බවයි.
“රජයේ ව්‍යවසායන් මහජනතාවට විවෘත කළ යුතුයි. එම ආයතන පුද්ගලීකරණය කිරීමක් එයින් අදහස් වන්නේ නැහැ. රජය සතු ජීවිත රක්ෂණ සමාගමක් ලැයිස්තුගත කළා නම්, එහි ලාභ අලාභ ගිණුම්, ශේෂපත්‍ර මහජනතාවට අනාවරණය වෙනවා.“
“අප වටා විශාල මුදලක් සැරිසරනවා. අලිබාබා හොංකොං වෙළෙඳපොළෙන් මුදල් රැස් කරගත් ආකාරය දෙස බලන්න. මෙතැන ඇත්තේ මුදල්වල ඌනතාවයක් නොවෙයි. ප්‍රතිසංස්කරණවල ඌනතාවයක්.“
මෙහිදී රජය සතු කුමන ව්‍යවසායයන් ලැයිස්තුගත කළ යුතුද යන ප්‍රශ්නයට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය.
“රජය සතු බැංකු, ප්‍රවාහන, ගුවන්තොටුපළ වැනි ලැයිස්තුගත කළ හැකි ව්‍යවසාය රැසක් තිබෙනවා.“
ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ හෝ කොටස් වෙළෙඳපොළ සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවීම මේ අවස්ථාවේ දී තිබෙන විශාල ගැටළුවක් බව ඔහු මෙහිදී පැවසූ අතර තමා මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් දේපළ, මූල්‍ය හා සංචාරක කර්මාන්ත දෙස වැඩි අවධානයක් යොමු කරනු ලබන බව ආචාර්ය මාක් මෝබියස් වැඩිදුරටත් පැවසීය.
ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන වෙළඳපොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය තුළ සමූහය කළමනාකරණ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානු ඩොලර් බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළඳපල සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...